Thursday, August 7, 2014

සන්නිවේදන අධ්‍යන ප්‍රවේශය 


සන්නිවේදන ප්‍රවේශය 


1. සන්නිවේදනය හැඳින්වීම
2. සන්නිවේදනයේ විකාෂණය
3. සන්නිවේදන සංකල්ප හා නිර්වචන
4. සන්නිවේදනයේ ස්වභාවය

1) සන්නිවේදනය හැඳින්වීම

     මානවයාට තනිව ජීවත් විය නොහැකි නිසා සමූහයක් වශයෙන් ජීවත් වීමට සිදුවිය ඔවුනොවුන් අතර සම්බන්ධය ගොඩනන්වන හා පවත්වාගෙන ලද්දේ සන්නිවේදනය මගිනි. මෙහි ආරම්භය සිදු වූයේ කවදාදැය් නිශ්චිතව කිව නොහැක. නමුත් මානවයා සිතන්නට පටන් ගත් දිනයේ සිට සන්නිවේදනය ආරම්භ වූ යැයි සිතිය හැක.

    සන්නිවේදන කාර්යය සඳහා පුද්ගලයාගේ පංචේන්ද්‍රිය යොදා ගනු ලැබේ. මානවයා මෙන්ම සත්වයින්ද සන්නිවේදනයේ යෙදෙනු ඇත. සමාජයේ පැවැත්මට සන්නිවේදනය අත්‍යාවශ්‍ය වූවකි. මූලික වශයෙන් මෙමගින් අදහස් හා තොරතුරු හුවමාරු කිරීම සිදු වේ. මේ පිලිබඳ නිර්වචන රාශියක් ඇත. ඉතා ප්‍රථමික සන්නිවේදන ක්‍රම වල සිට අධිතාක්ෂණික ක්‍රම දක්වා සන්නිවේදනය විකාශය විය.

2) සන්නිවේදනයේ විකාශය 

    ආරම්භක යුගයේදී සංඥා, සංකේත, ඉඟි, හා කටහඬ සන්නිවේදනය සඳහා යොදා ගන්නා ලදී. දෙවනුව ගින්දර, අණබෙර, වර්ණ ආදිය මේ සඳහා යොදා ගැනිණි. මුලින්ම භාෂාවද දෙවනුව හෝඩියද තුන්වනුව අකුරුද නිර්මාණය කර ගන්නා ලදී. මුලින් කතා කිරීමද දෙවනුව ලිවීමද සිදු විය. මීට සමගාමීව චිත්‍ර හා රුපසටහන් ඇඳීම ඇරඹිණි.

   ලේඛනය සඳහා ගල් පතුරු, මැටි පුවරු, තල් පත්, පැපය්රස් පත්, සම් කඩ, රෙදි හා ගස් වල පොතු ආදිය යොදා ගෙන ඇත. පසු කාලයේදී කඩදාසි නිර්මාණය කෙරිණි. මුද්‍රණ ශිල්පය සොයා ගැනීම සන්නිවේදන ඉතිහාසයේ විශේෂ කඩඉමකි. පසු කාලීනව මුද්‍රණ තාක්ෂනය දියුණු වීම, දුරකථන ක්‍රම රූපවාහිනිය හා නව මාධ්‍ය බිහි වීම මගින් සන්නිවේදනය ඉතා දියුණු මට්ටමකට පත් විය.

3) සන්නිවේදනයේ ස්වභාවය 

    සන්නිවේදනය පිලිබඳ කතා කිරීමේදී එහි ස්වභාවය අනුව එය ස්වභාවික ක්‍රියාවලියක් බව කිව යුතුය. එසේම එය අවස්ථානුකූල ක්‍රියාවලියකි. මෙහිදී තාක්ෂණික මෙවලම් භාවිත කලත් එහි ස්වභාවය වෙනස් නොවේ. සමාජීය සාමුහිකත්වය හා සහජීවනය පවත්වාගැනීමට සන්නිවේදනය උපකාරී වේ. පුද්ගලයෙකුගේ දුඛ්ක දොම්නස්ස බැහැර කිරීමට යොදා ගත හැකිය. එසේම පුද්ගලයෙකුගේ සිට සමස්ථ සමාජයක හැසිරීම් තීරණය කිරීමේ සාදකයක් ලෙස දැක්විය හැක.

    සන්නිවේදකයා මෙන්ම ග්‍රාහකයා සන්නිවේදනයේදී අත්‍යවශ්‍ය පාර්ශව්‍යන්ය. ඒක මාර්ගික සන්නිවේදන පහත දැක්වෙන ආකාරයට රූපාකාරව දැක්විය හැක.



                                                                 ද්විමර්ගික සන්නිවේදනය 


වයිට්ගේ දොරටුපාල සංකල්පය 


    සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකයා විසින් ග්‍රහකගතකරන පණිවිඩය යම් වාරණ ක්‍රියාවලියකට බාජන වේ. මේ පිලිබඳ මූලික අදහස් දැක්වෙන සංකල්පයක් ලෙස ඉහත දැක්වෙන වයිට්ගේ දොරටුපාල සංකල්පය පෙන්වා දිය හැක. දොරටුපාලක විසින් විවිධ ආකාර ලෙස සංදේශ වාරණයට ලක්කරනු ඇත.

    සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරන සියලු සංදේශ ග්‍රාහකයා වෙත ලැබෙන්නේ නැත. එනම් සංස්කරණයේදී හෝ රූපරාමු වල ගුණාත්මක බව පිරික්සීමේදී හෝ ඇතැම් සංදේශ ඉවත් වීමක් සිදු විය හැක. මීට අමතරව විවිධ වාරණ මණ්ඩල මගින් වාරණ බලධාරීන් මගින් ද ප්‍රවෘත්ති පාලනයකට ලක් කෙරේ. යුද්ධය පැවති සමයේ යුධ පුවත් වාරණය උදාහරණ වශයෙන් දැක විය හැක.

සන්නිවේදන ක්‍රියාවලිය 


1) සන්නිවේදන මූලිකාංග
2) සන්නිවේදන ආකෘති
3) සන්නිවේදන කාර්යයන්

1) සන්නිවේදන මූලිකාංග

    සන්නිවේදන ක්‍රියාවලිය මූලිකාංග වලින් සමන්විත වේ. සංදේශ මූලාශ්‍ර වලින් සංදේශ සඳහා තොරතුරු ලැබේ. සන්නිවේදකයා විසින් සංදේශ සම්පාදනය කරනු ලැබේ. සංදේශය හෝ පණිවිඩය නමින් අදහස් වන්නේ ඉදිරිපත් කරනු ලබන තොරතුරුය. සංදේශය ගෙන යාම සඳහා නාලිකාවක් හෝ මාධ්‍යක් හෝ අවශ්‍ය වේ. සංදේශය ග්‍රහණය කරනු ලබන්නේ ග්‍රාහකයා විසින් ය.

    තමා ලබා ගන්නා සංදේශයට ප්‍රතිචාර දක්වනු ඇත. එය ප්‍රතිපෝෂණය නම් වේ. මෙම සන්නිවේදන මුලිකාංග වලට ක්‍රියාකාරිත්වයේදී බාධා ඇති වේ.

2) සන්නිවේදන ආකෘති 

    සන්නිවේදනය හා එහි ස්වභාවය හඳුනා ගැනීම සඳහා න්‍යාය ආකෘති හා සංකල්ප යන ආදිය භාවිතා කෙරේ මානව සන්නිවේදනය ක්‍රියාවේ සැබෑ තත්වය හා එහි ගතික බව ආකෘති මගින් හඳුනා ගත හැකිය. ආකෘතියක් යනු සංකීර්ණ ස්වභාවයක් සරල ලෙස රූපාකාරව දැක්වීමකි. එය ස්වභාවික ලෝකයේ නැවත ඉදිරිපත් කිරීමක් ලෙසද විද්‍යාමාන දේ සාරාංශ කොට දැක්වීමක් ලෙසද හැඳින්විය හැක.

සන්නිවේදන ආකෘති ප්‍රධාන ආකාර දෙකක් ඔස්සේ වර්ධනය වේ. එනම්,

1) රේඛීය ආකෘති
2) රේඛීය නොවන ආකෘති

ඇරිස්ටෝටල්ගේ රේඛිය ආකෘතිය

 

ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය 


හැරල්ඩ් ලැස්වෙල් නම් සන්නිවේදන විශේෂඥයා 1948දී මෙම ආකෘතිය හඳුන්වා දෙන ලදී. මෙය ඇරිස්ටෝටල්ගේ ආකෘතියට බෙහෙවින් සමානය. ධනවාදී රට වල සංදේශ අවධානයට ගනිමින් ඉදිරිපත් කරන මෙම ආකෘතිය විවිධ සන්නිවේදන නාලීන් හා බහුවිද ග්‍රාහක කණ්ඩායම් ගැන සාකාච්ඡා කෙරේ.


ශැනොන් වීනර් ආකෘතිය


බාධක වර්ග 
  1. අර්ථ බාධක 
  2. නලීය බාධක 
  3. පාරිසරික බාධක 

     ගණිතමය ආකෘති වශයෙන්ද හඳුන්වන Shannon Weaver ආකෘතිය වර්ධනය කරනු ලැබුවේ C. E. Shannon සහ  Warren Weaver යන ඉංජිනේරුවන් දෙදෙනාය තාක්ෂණික නාළියන් දිගේ තොරතුරු සන්නිවේදනය කිරීම පිලිබඳ මෙයින් අදහස් කෙරේ. 1950 වන විට මෙම ආකෘතිය පරිඝණක හා හැසිරීම් විද්‍යාවට අදාලව භාවිතා වේ.

මෙම ආකෘතිය ඉංජිනේරු විද්‍යාවේ කරුණු පහක් පදනම් කරගෙන ඇත. එනම්,

  1. මූලය ( source - තොරතුරු මූලය )
  2. අකේතකරණය ( transmitter - සන්දේශය විකාශනය කල හැකි සංඥා බවට‍ පෙරලීම )
  3. නාලීය ( channel - මාධ්‍යය )
  4. විකෙතකරණය ( receiver - සංඥා නැවත සංදේශය බවට පරිවර්තනය කිරීම )
  5. අග්‍රස්ථානය ( destination )  
Wilbur Schramm ආකෘතිය